ඊයේ (20) සවස් භාගයේ ඇද හැළුණු මහ වර්ෂාව හේතුවෙන් ගාල්ල නගරය ආශ්රිතව මාර්ග ගණනාවක් ජලයෙන් යටවී තිබේ.
ගාල්ල මහා වීදිය, ගාල්ල මාතර ප්රධාන මාර්ගය, ගාල්ල වක්වැල්ල මාර්ගය, ගාල්ල බද්දේගම ප්රධාන මාර්ගය, සරෙන්තුකඩේ හන්දිය, තලාපිටිය, තනිපොල්ගහ, දංගෙදර, බෙලිගහ ඇතුළු මාර්ග රැසක් මෙන්ම සංචාරක ගාලු කොටුවේද මාර්ග කීපයක් මෙලෙස ජලයෙන් යට ව ඇත.
ජනතාව චෝදනා කරන්නේ, කාණු පද්ධති නිසි ලෙස සුද්ධ නොකිරීම සහ අනවසර ඉදිකිරීම් හේතුවෙන් නගරයේ මාර්ග මෙසේ යටවූ බවයි.





