/ Aug 06, 2025

අදත් වැසි වැටේ

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ යන පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි තත්වයක් ඇති විය හැකි බවකාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

උතුරු සහ උතුරු-මැද පළාත්වල අහස වළාකුලින් බරව පවතින බවත් උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව වැඩි දුරටත් වාර්තා වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top