පසුගිය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල අනුව කිසිවෙකුට බහුතරය ලබා ගත නොහැකි ආයතන කිහිපයක දිලිත් ජයවීරගේ සර්වජන බලය පක්ෂය ස්වාධීන ස්ථාවරයක් ගැනීම හේතුවෙන් ජාතික ජනබලවේගයට ඒවායේ බලය ලබා ගැනීමට හැකි වී ඇතැයි වාර්තා වේ.
පඬුවස් නුවර, මිණිපේ, මැදවච්චිය, මැදගම, කොබෙයිගනේ ඇතුළු ප්‍රාදේශීය සභා කිහිපයක මෙසේ සර්වජන බලය සභිකයන් ස්වාධීනව කටයුතු කර තිබේ. මේ හේතුවෙන් ජාතික ජනබලවේගය පක්ෂයට ඒවායේ සභාපති ධුරය හිමිකර ගැනීමට හැකි විය.
සෙසු පක්ෂ මේ ගැන කනස්ල්ල පළ කර ඇති අතර දිගින් දිගටම ආණ්ඩුව විවේචනය කළ දිලිත්ගේ ක්‍රියාමාර්ගය පිටුපස ආණ්ඩුව සමඟ යම් යටි එකඟතාවක් ඇතැයි සැක පළ වේ.