ආපදා තත්ත්වය හේතුවෙන් කුඹුරු හෙක්ටයාර 108,000ක ප්‍රමාණයක් ද, බඩඉරිඟු හෙක්ටයාර 6,600 ක්, උඩරට සහ පහතරට එළවළු වගා අතුරින් හෙක්ටයාර 6,143ක් මෙන්ම අනෙකුත් භෝග 11,000ක ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා අද (08) මාධ්‍ය හමුවේ මේ බව අනාවරණය කරන ලදී.
කෙසේවෙතත් අදාළ වගා හානි වනුවෙන් වූ වන්දි ලබා දීමේ ක්‍රියාවලියද මේ වන විට ආරම්භ කර තිබේ.
මේ අතර එළවළු හෙක්ටයාර් 5,893කින් 2,613ක් සම්පූර්ණ වශයෙන් හානියට පත්ව ඇති බවද ලේකම්වරයා සඳහන් කළේය.
”මේ ගොවිබිම්වල වගා කරලා තියෙන දරන ලද වියදමත්, එම ගොවිබිම් නැවත වගාබිම් බවට පරිවර්ථනය කිරීම සඳහාත් තමයි මුදල් අමාත්‍යාංශය විසින් විශේෂ චක්‍රලේඛණයක් මගින් මුදල් වෙන් කිරීමේ ක්‍රමවේදයක් ලබා දීලා තියෙන්නේ. ඒ අනුව කුඹුරු හෙක්ටයාර් 1ක් සඳහා රුපියල් එක්ලක්ෂ පනස්දහසක වන්දි මුදලක් සහ බඩඉරිඟු සහ අනෙකුත් භෝග සඳහාත් හෙක්ටයාරයකට රුපියල් එක්ලක්ෂ පනස්දහසක මුදලකුත් එළවළු සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂ දෙකකුත් ලබා දීමට කටයුතු කරමින් පවතිනවා. මේ සඳහා මූලික කටයුතු මේ වන විට කරමින් පවතිනවා. ඇතැම් ගොවි මහතුන් මේ වන විටත් වගා බිම් කටයුතු නැවත ආරම්භ කරලා තියෙනවා මේ සියලු දෙනාම සැලකිල්ලට ගනිමින් මේ අනුමත මුදල් කඩිනමින් ලබා දීමට අපි කටයුතු කරමින් පවතිනවා. මේකෙදි යම්කිසි ගොවි මහතෙකුට යම් ප්‍රමාදයක් වගේ පේනවානම් ඔවුන්ට කෙලින්ම පුළුවන් අපගේ 1918 ක්ෂණික දුරකථන අංකයට කතා කරලා තොරතුරු කියන්න. ” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.





