මැද පෙරදිග ඇතිව තිබෙන යුද වාතාවරණ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පිළිබඳ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස දැනුම් දී තිබේ.
ඒ, අද (25) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
“සෙසු රාජ්‍යයන් මැද පෙරදිග යුද්ධය හෙළා දැක ප්‍රකාශ හෝ නිවේදන නිකුත් කළ ද ශ්‍රී ලංකා රජය සිය ස්ථාවරය ගැන දැනුම්දීමක් නිල වශයෙන් සිදු කර නොමැති බවට එම මාධ්‍යවේදියා අමාත්‍යවරයාගෙන් විමසනු ලැබීය.
එහි දී අමාත්‍යවරයා පැවසුවේ, මැද පෙරදිග ඇතිව තිබෙන යුද වාතාවරණ තත්ත්වය තුළ දී ශ්‍රී ලංකාව රටක් වශයෙන් කලාපීය සහ ලෝක සාමය පවත්වාගෙන යාම සිදු කළ හැකි පාර්ශ්වයේ සිටගන්නා බවයි.
කිසිදු ලෙසකින් ගැටුම් තීව්‍ර කරන පාර්ශ්ව සමග පෙනී නොසිටින බවත්, ලාංකික ශ්‍රමිකයින් බොහෝ දෙනෙකු ඊශ්‍රායලයේ ජීවත්ව සිටින බවත්, ඔවුන්ගේ රැකියා සහ ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද ලක් රජය පෙනී සිටින බව පැවසූ අමාත්‍යවරයා රජයක් වශයෙන් යුද්ධය ප්‍රතික්ෂේප කරන බවත් කියා සිටියේ ය.
මැද පෙරදිග තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බවත් රැකියා අහිමිවීම්, විදේශ විනිමය සම්ප්‍රේෂණයන්, බොරතෙල් මිල ආදී ක්ෂේත්‍ර පිළිබඳ ව ඇතැම් විට ගැටලුකාරී තත්ත්ව හටගැනීමක් සිදු විය හැකි බවත් ඒවා සියල්ලටම රජයක් වශයෙන් නිසි විසඳුම් ලබා දෙන බවත් අමාත්‍යවරයා එහි දී වැඩිදුරටත් සඳහන් කළේය.