/ Jun 17, 2025

ජනපති සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන කැබිනට්ටුවේ අලුත්ම තීරණය මෙන්න

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමට පනත් කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ලබා දී ඇති විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට හැකි වන පරිදි 1986 අංක 4 දරණ ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත සහ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත පරිච්ඡින්න කිරීම සඳහා පනත් කෙටුම්පත් 02ක් සකස් කිරීමට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලය වෙත එම යෝජනාව ඉදිරිපත් කර තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top