/ Dec 06, 2025

ආපදා තත්ත්වය ගැන නවතම වාර්තාව මෙන්න!

අයහපත් කාලගුණ තත්ත්වය මත ඇති වූ ආපදා හේතුවෙන් මේ වන විට මරණ 334ක් වාර්තා වී තිබෙන අතර තවත් 370ක් අතුරුදහන් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

වැඩිම මරණ සහ අතුරුදහන් වීම් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රිකක්යෙන් වන අතර එය පිළිවෙලින් 88ක් සහ 150ක් ලෙස දැක්වෙයි.

දැනට සුරක්ෂා මධ්‍යස්ථාන 1494ක් පවත්වාගෙන අතර පවුල් 309,607ක් බලපෑමට ලක්ව සිටියි.

මේ අතර දරු ඔය ද්‍රෝණියේ ගංවතුර ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක අතර කැළණි ගංගා ද්‍රෝණිය වෙත නිකුත් ක තිබෙන ගංවතුර රතු නිවේදනය හෙට (02) දිනය දක්වාම වලංගුව පවතියි.

මල්වතු ඔය ද්‍රෝණියට නිකුත් අකර තිබෙන ගංවතුර අවදානම පිළිබඳ රතු නිවේදනය එළඹෙන 03 වැනිදා දක්වා වලංගුය.

අම්පාර,අනුරාධපුරය,පොළොන්නරුව,පුත්තලම,ගම්පහ සහ බදුල්ල යන දිස්ත්‍රික්ක වල මාර්ග රැසක් තවදුරටත් ජලයෙන් යටවී පවතින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top