2025 අය-වැය යටතේ වැටුප් වැඩිවීමේ සැබෑ ප්‍රමාණය සම්බන්ධයෙන් කතාබහක් සමාජයේ නිර්මාණය වී තිබේ. ඒ වැටුප් වැඩි වීම දිගුවක් ලෙසින් දක්වා තිබීම නිසායි.
කෙසේ වෙතත්, රුපියල් 15750 දක්වා රජයේ සේවකයන්ගේ අවම මූලික වැටුප ඉහළ නංවා තිබේ.
ඒ අනුව මේ වසරේදී රජයේ සේවකයෙකුගේ මූලික වැටුප අවම වශයෙන් ඉහළ නැංවෙන්නේ රුපියල් 6000කින් පමණ බව දැක්වේ.
ඒ අනුව දැනට රුපියල් 24250ක අවම මූලික වැටුපක් ලබන රාජ්‍ය සේවකයෙකුට හිමි එම වැටුප් වර්ධකය දැනටත් පවතින දීමනාව ඉවත් කළ විට ඔහුගේ වැටුපේ ශුද්ධ වැඩිවීම රුපියල් 8250කි.
මෙයින් රුපියල් 5000ක් අප්‍රේල් මාසයේදී මූලික වැටුපට එකතු කිරීමට නියමිතයි. එයට අමතරව ඉතිරි වර්ධකයෙන් 30%ක් එනම් රුපියල් 975ක් පමණ ද එක් වෙයි.
ඒ අනුව මේ වසරේදී රජයේ සේවකයෙකුගේ වැටුප් වර්ධනය රුපියල් 5975ක් පමණි.
වැටුප් වර්ධකයේ ඉතිරි ප්‍රමාණ 2026 වසරේ දී සහ 2027 වසරේදී අදියර දෙකකින් වැඩි වනු ඇති.
මෙයට අනුරූපව රාජ්‍ය සේවක සෙසු වැටුප් තලවල මූලික වැටුප් වැඩිවීමද සිදු වන බව සඳහන් වේ.