හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (21) පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබුණි.
පැය කිහිපයක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා මිනිත්තු කිහිපයකට පෙර ඉන් පිටත්ව ගිය බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
දේශපාලනඥයින් ඇතුළු පුද්ගලයින් කිහිපදෙනෙකුට ජනාධිපති අරමුදලෙන් අරමුදල් සැපයීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණි.