/ Jun 18, 2025

කෙහෙළිය නැවත රිමාන්ඩ් කළ හේතුව මෙන්න!

Here is the reason why Keheliya was remanded!

ව්‍යාජ ඖෂධ වංචාවක් සම්බන්ධ නඩුවක චූදිතයෙකු වෙමින් දිගු කලක් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස්ව සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ (07) නැවත අත්අඩංගුවට ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් කටයුතු කළහ.

ජනමාධ්‍ය, පරිසර සහ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දී පෞද්ගලික කාර්ය මණ්ඩලයේ තනතුරු සඳහා සිය ඥාතීන්, හිතවතුන් සහ දේශපාලන ආධාරකරුවන් පත්කරගෙන ඔවුන්ගෙන් සේවය ලබා නොගෙන රජයේ වැටුප් සහ දීමනා ගෙවීමෙන් රජයට රුපියල් ලක්ෂ 80ක පාඩුවක් සිදු කරන ලද බවට ඔහුට චෝදනා නගා ඇත.

මේ සඳහා ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පසු මැයි මස 20 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරයේ තැබීමට අධිකරණය නියෝග කරනු ලැබීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top