/ May 31, 2025

හිටපු ඇමැතිලාට හිරේදී ලැබෙන දේවල් මෙන්න

බරපතල වැඩ සහිතව වසර 20-25 සිර දඬුවම් නියම වූ මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන හිටපු ඇමැතිවරුන් දෙදෙනා දණ්ඩන නියම වී ඇති සිරකරුවන් සිටින පොදු වාට්ටුවකට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

වෛද්‍යවරයාට ඉදිරිපත් කර ලැබෙන නිර්දේශ අනුව අද (30) සිට දඬුවමට අදාළ බරපතළ වැඩ ඔවුනට පැවරෙන බව බන්ධනාගාර ආරංචිමාර්ග පවසයි. අතුගෑමේ සිට ඉතා දුෂ්කර කටයුතු දක්වා එම කටයුතු විහිද තිබේ.

කිසිදු පහසුකමක් රහිතව කොට්ටයක් සහ පැදුරක් පමණක් ඇතිව මේ දෙදෙනාට බරපතළ වැඩ කරමින් කටයුතු කිරීමට සිදුවනු ඇති. 

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ලබා දී ඇති තීන්දුවක් බැවින් මෙයට අභියාචනයක් ඉදිරිපත් කළ හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පමණක් බව නීති ක්ෂේත්‍රයේ සමහරු පවසති. එයද අගවිනිසුරුවරයා විසින් පත් කරන පංචපුද්ගල විනිසුරු මඬුල්ලක් යටතේ විභාග විය යුතු බව එහි සඳහන් වේ. කෙසේ වෙතත් මෙය දුෂ්කර කාර්යයක් බව දැනගන්නට ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top