නීතිවිරෝධී අධිබල යතුරු පැදි තොගයක් සඟවාගෙන සිටි හම්බන්තොට නාගරවැව කුරුළු උයනේ හිමිකරු මේ මස 30 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.
එසේම එම කුරුළු උයනේ කළමනාකරු සහ ගබඩා පාලකවරායද 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගෙන ඇත.
නීතිවිරෝධීව මෙරටට ආනයනය කර සඟවා තිබූ යතුරුපැදි 21ක් මෙම කුරුළු උයනේ තිබී විමර්ශන අංශ විසින් සොයා ගනු ලැබූ අතර ඒවායේ වටිනාකම කෝටි 25 ඉක්මවන බව පැවසිණ.