/ Dec 06, 2025

මහඔය පහත්බිම් ප්‍රදේශවලට අධි ගංවතුර අවධානමක් – රතු නිවේදන නිකුත් කරයි!

මහඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉදිරි පැය 48 තුළ මහ ඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට අධි ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

එම කාලය තුළ අලව්ව,දිවුලපිටිය, මීරිගම,පන්නල, වෙන්නප්පුව,මීගමුව, කටාන, නාරම්මල (මරදගොල්ල ග්‍රාම නිලධාරී කොට්ඨාසය) සහ දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මහඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට අධි ගංවතුර තත්ත්වයක් ඇති විය හැකියි.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top