මාර්ග ආරක්ෂාව වැඩිදියුණු කිරීම සහ අනතුරු අවම කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් අධි තාක්ෂණික වේග තුවක්කු (HIGH TECH SPEED GUN) හඳුන්වා දී ඇත.
එක්සත් ජනපදයේ නිෂ්පාදිත මෙම උපකරණවලට රාත්‍රියේදී පවා කිලෝමීටර් 1.2 ක දුරින් වාහන හඳුනා ගත හැකියි.
පටිගත කරන ලද වීඩියෝ දර්ශන උසාවියට සාක්ෂියක් ලෙස ඉදිරිපත් කළ හැකි අතර, මාර්ග නීති කඩ කිරීම් පිළිබඳ පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කිරීමට මෙමඟින් පොලිස් නිලධාරීන්ට හැකියාව ලැබේ.
රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මනෝජ් රණවල කියා සිටියේ අධික වේගයෙන් රිය පැදවීම අනතුරුවලට ප්‍රධාන හේතුවක් බවත් නව වේග තුවක්කු අනතුරු අවම කිරීමේ වැඩපිළිවෙලේ කොටසක් බවත්ය.