/ Aug 02, 2025

මනමාල වංගුවේ දී බිහිසුණු අනතුරක් – හමුදා සෙබළුන් 22ක් රෝහලේ

අද (21) උදෑසන කාලයේ කිරිඳිවැල පොලිස් වසමේ නිට්ටඹුව – කිරිඳිවැල මාර්ගයේ මනමාල වංගුව ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් යුද හමුදා සෙබළුන් 22 දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

නිට්ටඹුව දෙස සිට කිරිඳිවැල දෙසට ධාවනය වූ යුද හමුදා සෙබළුන් රැගත් බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරින් බස් රථයේ ගමන් ගත් රියදුරු ඇතුළු යුද හමුදා සෙබළුන් විසි දෙදෙනෙකු තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කර තිබේ.

ඉන් සෙබළුන් විසිදෙනෙකු ප්‍රතිකාර ලබාගෙන පිටව ගොස් ඇති බවත් රියදුරු හා යුද හමුදා සෙබළෙකු තවදුරටත් රෝහලේ ප්‍රතිකාර ලබන බවත් වාර්තා වේ.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top