/ Jun 22, 2025

බදුල්ලේ බිහිසුණු බස් අනතුර: රිය පදවා ඇත්තේ ගෝලයා!

බදුල්ල – මහියංගණය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ ප්‍රදේශයේ දී බස් රථයක් මාර්ගයේ පෙරැළී යාමෙන් ඊයේ (21) සිදුවූ අනතුර තිදෙනකුට දිවි අහිමි කෙළේ ය. 34 ක් තුවාළ ලැබූ අතර, දෙදෙනෙක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබති.

මෙම අනතුර සම්බන්ධයෙන් කළ මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථය පදවා ඇත්තේ රිය සහයක විසින් බවයි.

අනුරාධපුර – තඹුත්තේගම – පහළගම පදිංචි පිරිසක් අලුයම බදුල්ල මුතියංගණ වෙහෙර වන්දනා කර නිවස බලා යමින් සිටියදී මෙම මාරක අනතුර සිදු විය.

බස් රියදුරු සහ සහයක පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. විමර්ශන ක්‍රියාත්මකයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top