/ Jun 22, 2025

පුංචි ඡන්දයට පාසල් නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි

මැයි මස 6 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් දිවයිනේ සියලුම පාසල්වලට මැයි 5 සහ 6 යන දෙදින නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත්කරමින් එම අමාත්‍යාංශය පවසන්නේ මැයි මස 7වැනිදා පාසල් නැවත ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවයි.

ඊට අමතරව ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් මැයි මස 04 වැනිදා අදාළ ග්‍රාම නිලධාරීන් වෙත භාරදීමට කටයුතු කළ යුතුය.

ඡන්ද මධ්‍යස්ථාන කටයුතු සඳහා අවශ්‍ය මේස, පුටු සහ ශාලා පහසුකම් ලබාදීමට සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් දැනුම්වත් කළ යුතු බවත් අදාළ නිවේදනයේ දැක්වෙයි.

පහත නම් සඳහන් පාසල් එම ලේඛනයේ දැක්වෙන පරිදි ඒ ඒ පාසලට අදාළ කාල වකවානුව තුළ පමණක් නිවාඩු ලබාදීමට කටයුතු කරන මෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලා සිටී.

එසේම පාසල් වේලාවෙන් පසුව ඉල්ලා ඇති පාසල් ඊට අදාළ දිනයේ දී පාසල පැවැත්වීමෙන් පසුව මැතිවරණ කටයුතු සඳහා භාර දිය යුතු බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top