පොලීසිය පිරිසිදු කිරීමේ ක්‍රියාවලියත් සමඟ මේ මේ වන විට දූෂිත පොලිස් නිළධාරීන් හාර සියයකටත් වඩා වැඩි පිරිසක් පොලිස් සේවයෙන් නෙරපා ඇති බව වාර්තා වෙයි.
පොලිස්පතිවරයාගේ මැදිහත්වීමෙන් සිදුවන එම පොලීසිය පිරිසිදු කිරීමේ ක්‍රියාවලියට ”රටම එකට” මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ මෙහෙයුම විශේෂ දායකත්වයක් සපයා ඇති බව සඳහන්.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබදතා පැවැත්වීම සහ බලය අවභාවිතා කිරීම නෙරපන ලද නිළධාරීන්ට එල්ල වී තිබෙන ප්‍රධානතම චෝදනාව වන අතර
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු ප්‍රධානියා වන ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්තද එම ධූරයෙන් ඉවත් කර තිබේ.
ඊට අමතරව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්තව රාජකාරී කළ උප පොලිස් පරීක්ෂකවරු පස් දෙනෙකු ඉන් ඉවත් කර ඔවුන්ට එරෙහිව ද මේ වන විට විමර්ශන සිදු කරමින් පවතින බව වාර්තා වෙයි.
පසුගිය නොවැම්බර් මාසයේ දී පොලිස් ස්ථානාධිපතිවරු 25 දෙනෙකුට ස්ථානමාරුවීම් ලබා දී තිබුණේද ඔවුන්ට එරෙහිව එල්ල වී තිබෙන විවිධ චෝදනා සැලකිල්ලට ගනිමිනි.
පොලීසියේ අභ්‍යන්තර මෙම මෙහෙයුම තුළ වඩා කැපී පෙනෙන කාරණයක් වූයේ අමතරව පොලිස් දෙපාර්තමේන්තුව තුළ පොලිස්පතිවරයාට පමණක් දෙවැනි වන පොලිස් පරිපාලන සේවයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක එම ධූරයෙන් ඉවත් කර ඒ සදහා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න පත්කර තිබීමයි.
මේ වන විට ලලිත් පතිනායක සම්බන්ධයෙන්ද විනය පරීක්ෂණ ක්‍රියාත්මකය.
කෙසේවෙතත් පසුගියදා රටම එකට මෙහෙයුමේ දකුණු පළාත් වැඩසටහන ආරම්භ කරමින් ජනාධිපතිවරයා නිලධාරීන්ට පැවසුවේ වහාම එම විෂම යාන්ත්‍රණයෙන් පිටතට පැමිණ විෂ මත්ද්‍රව්‍ය මර්දනය කිරීමේ වැඩපිළිවෙලට සහය වන ලෙසය.
ඉතිහාසයේ කුමන චෝදනා පැවතියද මේ මොහොතේ සිය වෙනස් වීමේ අවස්ථාව ඇති බවත් එසේ නොවන්නේ නම් ඊට එරෙහිව ක්‍රියාත්මක වන බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.





