/ Dec 29, 2025

එකමුතුවට බාධාව මම නම් නායකත්වය අතහරින්න ලෑස්තියි!

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත්වීම ඕනෑම මොහොතක තමන් සූදානම් බව එජාප නායක රනිල් වික්‍රමසිංහ කෘත්‍යාධිකාරී මණ්ඩලයට දන්වා ඇතැයි වාර්තා විය.

ඊයේ (17) පස්වරුවේ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය සිරිකොත පක්ෂ මුලස්ථානයේදී රැස් වී ඇති අතර එහිදී මේ සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතා සිය අදහස ප්‍රකාශ කර ඇත.

එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බවයි එහිදී ඔහු සඳහන් කර ඇත්තේ.

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එක්ව ඉදිරි ගමනක් යාම සම්බන්ධයෙන් තමන්ද කැමැත්තෙන් පසුවන අතර දෙපාර්ශවය එකතු වීම සම්බන්ධයෙන් එකඟතාවක් ඇතිකරගැනීමට ආරම්භ කර තිබෙන සකච්ජාවන්හි නිල වාර්තාවක් තවමත් ලැබී නැති බවද එජාප නායකයා පවසා ඇත.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේග සහයෝගීතා සාකච්ඡා මේ දිනවල පැවැත්වෙන අතර ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහලේකම් තලතා අතුකෝරළ, ජාතික සංවිධායක සාගල රත්නායක ඇතුළු කමිටුවක් පත් කර තිබේ. සමගි ජන බලවේග පාර්ශවයේ කටයුතු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් මෙහෙයවනු ලබයි.

අදාළ සාකච්ජා තවදුරටත් ප්‍රමාද කිරීම යෝග්‍ය නොවන හෙයින් එම කටයුතු කඩිනම් කළ යුතු බවට එහිදී ඔහු පෙන්වා දී ඇති බව සඳහන්.

එළඹෙන වසරේ සිට විපක්ෂයේ පක්ෂ සියල්ල ඒකාබද්ධ වෙමින් ආණ්ඩුවට එරෙහිව ප්‍රබල ජන බලයක් ගොඩනැගිය යුතු වන හෙයින් සකාච්ජා කඩිනමින් අවසන් කර එකඟතාවකට පැමිණෙන දෙස වික්‍රමසිංහ මහතා වදිදුරටත් උපදෙස් දී ඇති බව ද වාර්තා විය.

අදාළ සාකච්ඡාවලදී රනිල් නායකත්වයෙන් ඉවත් වී සජිත් හෝ වෙනත් අයකුට නායකත්වය දිය යුතු යැයි යෝජනාවක් පැමිණියහොත් ඊට කෘත්‍යාධිකාරී මණ්ඩලය කැමති නම් තමාට කිසිම ගැටලුවක් නැති බව ඔහු අවධාරණය කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top