‘ගනේමුල්ල සංජීව’ ඝාතනය සම්බන්ධ සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දි, නේපාලයට පැනයාමට පෙර කාන්තා ආරක්ෂකයන්ගේ ආරක්ෂාව යටතේ මතුගම සහ මිද්දෙනිය යන ප්‍රදේශවල මාස තුනක් සැඟවී සිට ඇති බව පොලිස් පරීක්ෂණවලින් හෙළිව ඇත.
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුට අනුව, කුප්‍රකට පාතාල කල්ලියක් සහ අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ජාලයක් සමඟ සබඳතා ඇති බවට විශ්වාස කෙරෙන සෙව්වන්දි, මතුගම පිහිටි ආරක්ෂිත නිවාස දෙකක මාස දෙකක් පමණ වාසය කර, පසුව ඇය මිද්දෙනියට ගොස්, තවත් මාසයක් සැඟවී සිට උතුරට පළාගොස් ඇති බවද වැඩිදුරටත් අනාවරණය වී තිබේ.
මිද්දෙනියෙන් පිටත්ව ගිය පසු, සෙව්වන්දි කුලියට ගත් වාහනයකින් කිලිනොච්චියට ගොස් එහි ඇය දින හතරක් සැඟවී සිට පසුව යාපනයට ගිය බවත්, එහිදී ඇයට ආරක්ෂාව සඳහා හතරදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක සහාය ලැබුන බවද ඒ අනුව ඩිංගි බෝට්ටුවකින් ඉන්දියාවට පළාගිය බවත් පොලිසිය පවසයි.
ප්‍රශ්න කිරීම් අතරතුර, සෙව්වන්දි පවසා ඇත්තේ, තමා නැවතී සිටි නිවාසවල ස්ථාන මතක නැති බවත්, ඇයට නවාතැන් දුන්නේ කවුරුන්ද යන්න හෙළිකිරීමට නොහැකි බවත්ය.