වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරිමේදී තමා අතින් වරදක් සිදු වුණු පිළිගන්නා බව අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර පවසයි. ඔහු මේ බව කියා සිටියේ රූපවාහිනී සංවාදයකදී ය.
එය වංචාවක් නොවන බවත් පැහැදිලිවම අතපසුවීමක් බවත් පැවසූ ඇමැතිවරයා තමා එය පසුව නිවරද කළ බවද අවධාරණය කළේ ය. එසේ ම ඔහු කියා සිටියේ තමාද මනුස්සයෙකු බැවින් වැරදි සිදුවන බවයි. වත්මන් බැරකම් ප්‍රකාශන ලේඛනය සංකීර්ණ එකක් බවත් එය සම්පූර්ණ කිරීමේදී ඕනෑම අයෙකුට වැරදිය හැකි බවත් ඔහු තවදුරටත් කියා සිටියේ ය.





