තමන්ට අසත්‍ය චෝදනා එල්ල කළ බවට සහ අධිකරණයට බලපෑම් කළ බව කියමින් තිළිණි ප්‍රියමාලි විසින් සිතාසි ඇස්කිස් ක්‍රියාත්මක කරන්නන්ගේ සංගමයට විරුද්ධව රාජ්‍ය සේවා කොමිසමට සහ අධිකරණ අමාත්‍යවරයාට ඇගේ නීතිඥයන් විසින් පැමිණිලි කර ඇතැයි වාර්තා වේ.
මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රකාශ සිදු කරමින් තමන්ගේ කීර්ති නාමයට හානි කළ බව පවසා පිස්කල් නිලධාරීන්ගෙන් මිලියන 10ක වන්දි ඉල්ලා නඩු පවරන බවයි ඇය පවසා සිටින්නේ.
පසුගිය දිනයක අධිකරණයේදී සිතාසියක් භාර දීමට යෑමේදී, සිතාසි භාර දෙන නිලධාරියාට බැණ වැදී පහර දුන් බවට පැමිණිල්ලක් කළ බවත් ඒ වෙනුවෙන් හෝමාගම පොලිසිය පියවර නොගන්නා බවත් කියමින් නිලධාරින්ගේ වෘත්තීය සමිතිය මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියහ.