/ Dec 29, 2025

කඳවුරු ගානේ ගිහින් ප්‍රශ්න ගොඩක් හොයාගත්තා – සජිත්

ජනතාව සොයා කඳවුරු වෙත යාමෙන් එම පිරිස් මුහුණ දෙන ගැටලු රැසක් හඳුනා ගැනීමට හැකි වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

තමන් විසින් මේ සිදු කරන්නේ ජනතාව උසි ගැන්වීම නොව ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම බවත් සමගි ජන බලවේගය විසින් ඉදිරියටත් හුස්ම වැඩසටහන යටතේ උදව් උපකාර ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ඔහු මේ බව පැවසුවේ අද (22) අරණායක රිවි සඳ විද්‍යාලයට ජල පොම්පයක් ලබා දීම සඳහා පැමිණි අවස්ථාවේදී ය.

එම අවතැන් කඳවුර නිරීක්ෂණය සඳහා පැමිණි අවස්ථාවේ එහි සිටින ජනතාවගේ පරිභෝජනයට ජලය ලබා ගැනීමේ අපහසුතාවක් ඇති බව දැන ගැනීමට ලැබී ඇති අතර ඒ අනුව ජල පොම්පය ලබා දී තිබේ.

පන්ති පාට පක්ෂ භේද පසෙකලා ජනතාවගේ ගැටලු විසදන්න කැපවිය යුතු බවත් මේ ව්‍යවසනයට පාට පන්ති පක්ෂ භේදයක් නොමැති බවත් මේ විපතට පත් ජනතාවට කඩිනම් සහන ලබා දීමට අප කැපවිය යුතු බවත් හෙතෙම පැවසීය.

එමෙන්ම විපක්ෂ නායකවරයා ලෙස තමා ජනතාව වෙනුවෙන් සිදු කරන සේවාවන් හාස්‍යයට ලක් කළත් ඒ ගැන තැකීමකින් තොරව ජනතාව වෙනුවෙන් සේවය ඉටු කරන අතර ඇත්ත කතා කරන විට ඒවා උපහාසයට ලක් කරන හෙයින් කවුරුන් විහිලු කළත් රටේ ජනතාවට උදව් කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

නායයෑම් අවදානම් ඇති කඳුකර ප්‍රදේශවල භූවිද්‍යා පර්යේෂණ පැවැත්වීම වැදගත් බවත් මේ පර්යේෂණ කඩිනම් කර පදිංචියට සුදුසු ද නැද්ද කියා තීන්දුවක් ලබා දිය යුතු බවත් පදිංචිය ගැන තහවුරු කරනවා සේම ඉඩම, නිවස මෙන්ම ජීවනෝපාය ගැනත් සෘජුව යම්කිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බවත් ප්‍රේමදාස මහතා කියාසිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top