/ Dec 06, 2025

මට අවස්ථාවක් ලැබුණොත් මුලින්ම සලකන්නේ රණවිරුවන්ට – සජිත්

රණවිරුවන්ගේ ප්‍රශ්නවලට විසඳුම් දීමට තමන්ට අවස්ථාවක් නොලැබුන නමුත් අවස්ථාවක් ලැබෙන්නේ නම් මුලින්ම සලකන්නේ රණවිරුවන්ට බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඒකීයභාවය, සෛරීත්වය, භෞමික අඛණ්ඩතාව, දේශපාලන නිදහස ආදිය සුරක්ෂිත වූයේ 30 වසරක කුරිරු යුද්ධය පරාජය කරන්නට වීරෝධාර රණවිරුවන් කළ සුවිශේෂී සේවාව නිසා බවත් ඇස්, හිස්, මස්, ලේ, අවයව දන් දුන් මේ රණවිරුවන්ගේ දුක්ගැනවිලි ගණනාවක් ඇති බවත් 2019 දී පවා කොටුවේ ඇති උද්ඝෝෂණයට එක්ව මේවා සාකච්ඡා කළත් ඒවාට විසදුම් දෙන්න අවස්ථාව නොලැබුණ බවයි විපක්ෂ නායකයා සඳහන් කළේ.

2025 අයවැය තුළින් සියලු රාජ්‍ය සේවකයන්ගේ සහ සන්නද්ධ සේවා නිලධාරීන්ගේ වැටුප් විශ්‍රාම වැටුප් සංශෝධන කළත් ත්‍රිවිධ හමුදා පොලීසිය සහ විශේෂ කාර්ය බලකායේ ආබාධිත විශ්‍රාමිකයන්ගේ සහ මියගිය රණවිරුවන්ගේ වැන්දඹුවන්ට ලැබිය යුතු අයිතිවාසිකම් අහිමි කර ඇති බවත් වෛද්‍ය හේතුන් මත විශ්‍රාම ගත් ආබාධිත රණවිරුවන්ට විශේෂ වරප්‍රසදා හා විශ්‍රාම වැටුප් ලබා දීමට නීතිමය පදනමක් තිබුණත් ඔවුන්ට ද ඒ හිමිකම නොලැබෙමින් යන බවත් මේ සහන කප්පාදුව රජය නැවැත්විය යුතු බවත් හෙතෙම කියාසිටියේය.

එසේම වයස 55 සම්පූර්ණ වූ පසු ආබාධිත මියගිය රණවිරුවන්ගේ දෙමාපියන්ට හා බිරින්දෑවරුන්ට හිමිවන ස්ථාවර දීමනා පවා රජය නීතිවිරෝධී ලෙස අත්හිටුවා ඇති බවයි ඔහු පැවසුවේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (24) පාර්ලිමෙන්තුව අසළ පොල්දූව මංසන්ධියේ දී පැවැති ආබාධිත රණවිරුවන්ගේ උද්ඝෝෂණය හා එක්වෙමිනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top