තමන්ට ජීවිත තර්ජනයක් ඇති බවට යම් නීතිඥවරයෙක්ට හැඟෙන්නේ නම් මහජන ආරක්ෂක අමාත්‍යංශය හරහා ආරක්ෂාව ලබාගත හැකි බව ජාතික ඒකාබද්ධ හා අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පැවසුවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (19) කොළඹදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකුට හා ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය හෙළා දකින බව පැවසූ අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ
අදාළ ඝාතනය සිදු කළ පිරිසට සමාව නොදෙන බවයි.
ඔවුන්ට නීතියෙන් බේරීමට ඉඩ නොදෙන අතර එම සිද්ධිය මත පදනම්ව සමස්ත නීතිඥවරුන්ට ජීවිත තර්ජන එල්ලවී නොමැති බව අමාත්‍යවරයා සඳහන් කරන ලදී.





