/ Dec 29, 2025

අපිට ගෞරවයෙන් සලකනවා නම් අපි යුද්දෙට එන්නේ නෑ- පූටින් යුරෝපයට කියයි!

රුසියාවට ගෞරවයෙන් සලකන්නේ නම් යුක්රේන යුද්ධයෙන් පසු තවත් යුද්ධ ඇති නොවන බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රකාශ කර තිබේ.

පසුගිය මාසයේ රුසියාව නේටෝවට පහර දීමට වසර කිහිපයක් පමණක් ඉතිරිව ඇති බව යුරෝපීය බුද්ධි අංශ අනතුරු අඟවා තිබීමත්, බටහිර ආරක්ෂක සන්ධානයේ ප්‍රධානී මාර්ක් රූට් මේ මාසයේ දී රුසියාව දැනටමත් රහසිගත ව්‍යාපාරයක් උත්සන්න කරමින් සිටින බවත්, බටහිර රටවල් යුද්ධයට සූදානම් විය යුතු බව ප්‍රකශ කර තිබීම සම්බධයෙන් ඊයේ(19) දිනයේදී BBC සමඟ පැවති සාකච්ජාවකදී ජනාධිපති පුටින් මේබව සඳහන් කර තිබිණ.

මොස්කව් යුරෝපීය රටවලට පහර දීමට සැලසුම් කරන බවට කරන ප්‍රකාශය ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර සිටියි.

යුරෝපා රටවල් රුසියාවට ගෞරවයෙන් සලකන්නේ නම් රුසියාවද ඔවුන්ගේ අවශ්‍යතාවන්ට ගරු කරන බවත් යුක්රේනයේ යුද්ධය සාමකාමීව අවසන් කිරීමට තමා සූදානමින් සහ කැමැත්තෙන් සිටින බවත් ඔහු පවසා ඇති නමුත් සම්මුතියක කිසිදු සලකුණක් ඉදිරිපත් කර නැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top