එළැඹෙන පළාත් පාලන මැතිවරණයේ රාජකාරී කටයුතු හේතුවෙන් මැයි මස 05,06 සහ 07 යන දිනවලදී එක්දින සේවය සඳහා ක්‍රියාත්මක වූ පැය 24 සේවාව ක්‍රියාත්මක නොවන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඊට අමතරව එම දිනයන්හි දී විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවාවන් සැපයීම සීමා ද කිරීමට සිදුවන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.