/ Dec 05, 2025

ගෙදර නාය ගියා කියද්දී බිත්තිත් ගියාද අහන්න එපා. රට ගොඩගන්න ඕනේ නම් චෝදනා පැත්තක තියල වැඩේට බහින්න!

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදුවූ ව්‍යසනය ගැන තවදුරටත් චෝදනා කිරීම වෙනුවට රට යළි ගොඩනගන වැඩේට විපක්ෂය එකතු විය යුතු බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද (05) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

මේ වන විට ශ්‍රමදාන ආරම්භ කර ඇති හෙයින් ඇති තරම් වැඩ ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළ ඇමතිවරයා පැවසුවේ වැව් 640ක් බැඳීමට ඇති බවයි.

විපක්ෂය ලෙස තෝරාගන්නේ රට ගොඩනැගීමේ වැඩපිලිවෙල නම් එම මාර්ගය තවදුරටත් විවෘතව පවතින බවද අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

”මේ ව්‍යසනය ඇතුලේ චෝදනා කරන එක වෙනුවට මේ වැඩේට විපක්ෂයත් බහින්න ඕනේ. ඒක නිසා දැන් චෝදනා කර කර ඉන්න එක වෙනුවට කාලය ඇවිල්ල තියෙන්නේ එකට බහින්න. මොකද දැන් ශ්‍රමදාන වැඩ පටන් අරන් තියෙන්නේ. එන්න ශ්‍රමදානවලට ඇතිතරම් තියෙනවා වැඩ. යං බදින්න වැව් ටික. වැව් 640ක් බදින්න තියෙනවා. වේලි කැඩිලා. අමුණු කැඩිලා. මිනිස්සුන්ට දැවැන්ත විනාශයක් වෙලා තියෙන්නේ. ඔබ තෝරාගත් පාර මේ රට ගොඩනැගීමට නම් ඒ පාර ඔබට තවමත් විවෘතයි. මේ පාර තෝරාගෙන යද්දී ගෙදර නාය ගිය කියන කොට බිත්තිත් ගියද කියන්නේ වගේ කතා කියන්න එපා. නාය ගිය මනුස්සය කියනවා ගෙදරම ගියා කියල. එතකොට අපේ මන්ත්‍රීතුමෙක් අහනවා බිත්තිත් ගියාද කියල. බිත්ති ඉතුරු කරලා ගෙවල් නායේ යන්නේ නැහැ සභාපතිතුමියනි. ඒ නිසා අඩුම ගානේ සිහියෙන් යන්න. මිනිස්සු මුහුණ දී සිටින තත්ත්වය ගැන අවබෝධකරගන්න. ජනතාව ඉන්න පීඩාව තේරුම් ගන්න. මේ රට ගොඩනගන වැඩපිළිවෙලට ජනාධිපතිතුමා නායකත්වය දෙනවා. මේ ආණ්ඩුව මේ වැඩේ කරනවා. ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය සහ මේ රටට ආදරය කරන සියලු ශ්‍රී ලාංකිකයින්ගේ මේ රටේ රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය සිවිල් සංවිධාන රාජ්‍ය නොවන සංවිධාන සියලු දෙනාගේ සහයෝගය ඇතුව මේ රට නැවත ආපසු හැරවිය නොහැකි ලෙස ගොඩනැගීම මේ ආණ්ඩුව විසින් සිදුකරනවා” යනුවෙන් අමාත්‍යවරයා අවධාරණය කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top