/ Nov 14, 2025

5 වෙනි සමාලෝචනයට IMF අධ්‍යක්ෂ මණ්ඩලය සූදානමින්!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යටතේ ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය වැඩසටහනේ පස්වැනි සමාලෝචනය සලකා බැලීම සඳහා එහි විධායක අධ්‍යක්ෂ මණ්ඩලය ඉදිරි සති කිහිපය තුළ රැස්වන බව IMF සන්නිවේදන අධ්‍යක්ෂිකා ජූලි කොසැක් මහත්මිය පවසයි.

IMF මූලස්ථානයේ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකදී ඇය සඳහන් කළේ 2026 වසර සඳහා ශ්‍රී ලංකාව ඉදිරිපත් කර ඇති අයවැය ණය වැඩසටහනේ පරාමිතීන්ට අනුකූලදැයි IMF කාර්ය මණ්ඩලය මේ වනවිට අධ්‍යයනය කරමින් සිටින බවයි.

පසුගිය ඔක්තෝබර් 09 වැනිදා පස්වෙනි සමාලෝචනය සඳහා IMF කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන්, කාර්ය මණ්ඩල මට්ටම් එකඟතාවකට පැමිණි අතර මෙම එකඟතාව IMF විධායක අධ්‍යක්ෂ මණ්ඩලය මඟින් අනුමත වූ පසු ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 347ක පමණ මූල්‍යකරණයක් සඳහා ප්‍රවේශය හිමි වන බව ජූලි කොසැක් සඳහන් කරයි.

ඒ අනුව ඉදිරි සති කිහිපය තුළදී ඒ සඳහා IMF විධායක අධ්‍යක්ෂ මණ්ඩලය රැස්වනු ඇති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top