/ Jan 23, 2026

ආනයනික කිරිපිටි මිල පහතට!

එළඹෙන ජනවාරි 16 වෙනි දා සිට ආනයනික කිරිපිටි මිල අඩු කිරීමට නියමිත බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය දැනුම් දෙයි.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝ ග්‍රෑමයක මිල අනිද්දා (16) සිට රුපියල් 125 කින් හා ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 50 කින් අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන් එකඟතාව පළ කර ඇති බවයි අමාත්‍යාංශය පවසන්නේ.

ලෝක වෙළෙඳපොලේ කිරිපිටි මිල පහළයාම සැලකිල්ලට ගනිමින් එහි වාසිය පාරිභෝගික ජනතාවට ලබාදීමේ අරමුණින් කිරිපිටි මිල අඩු කිරීම සඳහා වෙළෙඳ අමාත්‍යවරයා කිරිපිටි ආනයනකරුවන්ගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් එම මිල අඩු කිරීම සිදුව ඇත.

මේ අතර එළඹෙන අප්‍රේල් මාසයේදී යළි කිරිපිටි මිල අඩු කිරීමටද අපේක්‍ෂා කරන බව අමාත්‍යාංශය පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top