එකම අසුනක් හෝ නොමැති වුවද අවසානයේ රට පලනය කිරීමට සිදුව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.
එජාපය ලෙස මහජනතාවට බොරු ඉදිරිපත් කර නොමැති වුවද මහජනතාව විසින් තම පක්ෂය ප්‍රතික්ෂේප කිරීම ජනතාවට පළිසන් දෙමින් තිබෙන බවයි ඔහු සඳහන් කරන්නේ.
”අපි මහජනතාවට බොරු ඉදිරිපත් කරලා නැහැ. බෞද්ධ දර්ශනය අනුව බොරු කීමේ ප්‍රතිඵලය භයානකයි. ඒක තමයි සිහියේ තබාගත යුත්තේ. මහජනතාව රැවටීම බරපතල අකුසල කර්මයක්. මේ ගෙවී යන්නේ ඒ අකුසල කර්මයයි. ඒ අකුසල කර්මය මේ වන විට පළිසන් දෙමින් තිබෙනවා මහජනතාවට. ඒ ගැන අපි කණගාටු වෙනවා. අවසාන වශයෙන් එකම අසුනක්වත් නැති වුණත් රට පාලනය කරන්න වෙන්නේ එක්සත් ජාතික පක්ෂටයි.” යනුවෙන් ඔහු තවදුරටත් කියාසිටියි.




