/ Jun 15, 2025

ඉන්දියාව සියලු පාකිස්තාන ආනයන අත්හිටුවයි!

ඉන්දියාව සිකුරාදා (ඊයේ) නිකුත් කළ නියෝගයකට අනුව, වහාම ක්‍රියාත්මක වන පරිදි පාකිස්තානයෙන් සියලුම භාණ්ඩ සෘජුව සහ වක්‍රව ආනයනය කිරීම තහනම් කර ඇත.

පසුගිය මාසයේ ජම්මු සහ කාශ්මීරයේ පහල්ගම්හි සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව මෙම පියවර ගෙන ඇති අතර එහිදී සංචාරකයින් 26 දෙනෙකු ඝාතනය කෙරුණි.

මෙම තහනම පාකිස්තානයෙන් පැමිණෙන සියලුම නැව්ගත කිරීම් නවතා දමයි. ඉන්දීය වාණිජ අමාත්‍යාංශයට අනුව, 2024 අප්‍රේල් සිට 2025 ජනවාරි දක්වා පාකිස්තානයට අපනයනය කළ භාණ්ඩවල මුළු වටිනාකම ඩොලර් මිලියන 447.7 ක් වූ අතර ආනයනය ඩොලර් 420,000 ක් පමණි.

ඉන්දියාව පාකිස්තානයට කරන අපනයන අතර ඖෂධ, ඛනිජ තෙල් නිෂ්පාදන, ප්ලාස්ටික්, රබර්, කාබනික රසායනික ද්‍රව්‍ය, ඩයි වර්ග, එළවළු, කුළුබඩු, කෝපි, තේ, කිරි නිෂ්පාදන සහ ධාන්‍ය වර්ග ඇතුළත් වේ. පාකිස්තානයේ ඉන්දියාවට කරන අපනයන ප්‍රධාන වශයෙන් තඹ, වීදුරු භාණ්ඩ, කාබනික රසායනික ද්‍රව්‍ය, සල්ෆර්, පලතුරු සහ ඇට වර්ග ආදිය වේ.

නිල සංඛ්‍යාලේඛන මෙසේ වුවද මෙම වෙළඳ ගනුදෙනු තෙවැනි පාර්ශ්වයේ රටවල් හරහා වැඩි අගයක් ගනිතැයි කියැවේ.

කෙසේ වෙතත්, ආර්ථික විශ්ලේෂකයෝ පවසන්නේ, මෙම තීරණය සමඟින් දැනටත් දුබලව ඇති දෙරට අතර වෙළඳ සබඳතා අතිශය දුර්වල මට්ටමකට වැටෙනු ඇති බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top