වවුනියාව, ඕමන්තෙයි ප්‍රදේශයේදී අද (26) අලුයම මෝටර් රථයක් ටිපර් රථයක ගැටී ඉන්දීය කොන්සල් කාර්යාලයේ නිලධාරියෙකු මිය ගොස් ඇතැයි වාර්තා වේ.
කොළඹ සිට යාපනය බලා ගිය මෝටර් රථය ටිපර් රථයක ගැටී ඇති අතර අවුරුදු 52ක ඉන්දීය ජාතිකයා මරුමුවට පත්ව ඇත. එම අනතුරෙන් බරපතළ තුවාල ලැබූ ඔහුගේ බිරිඳ, පුතා සහ ඔහුගේ මාමණ්ඩිය ඇතුළු අනෙක් පිරිස වවුනියාව රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.