කලාපයේ ප්‍රධාන බලවතා වන ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ (4) රාත්‍රී මෙරටට සැපත් විය. විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටේ දී අගමැතිවරයා පිළිගනු ලැබුවේ උණුසුම් අයුරිනි.
ජනපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුව ඉන්දීය අගමැතිවරයා මෙරට සංචාරයක නිරත වන අතර ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් ඇතුළු එරට ප්‍රබල බලධාරීන් පිරිසක්ද ඊට එක්ව සිටිති.
ඒ අතර ඉන්දියාව සමඟ අත්සන් කිරීමට යෝජිත ගිවිසුම් සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් විරෝධය පළ කර තිබේ. ඉන්දියානු මැදිහත්වීමට විරෝධය පළ කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු සංවිධාන කිහිපයක් අද (5) කොළඹදී විරෝධතා සංවිධානය කර තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ පැමිණීම වෙනුවෙන් සකස් කර තිබූ මාර්ග සැලැස්ම නිසා ඊයේ සවස් භාගයේ කොළඹ මාර්ග පුරා දැඩි තදබදයක් නිර්මාණය වී තිබුණි.