ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා අද (26) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇති අතර එය චෝදනා 13කින් සමන්විත වේ.
2022 වසරේ පැවැති ආර්ථික අර්බුදයට මුවා වී ව්‍යාජ ඖෂධ හිඟයක් මවා පාමින් පැවැති ප්‍රසම්පාදන ක්‍රියාවලිය වෙනස් කර සෞඛ්‍ය අංශ හරහා ඖෂධ මිලට ගෙන තිබුණි.
මෙලෙස මිලට ගත් හියුමන් ඉමියුනනොග්ලොබියුලින් නමැති ප්‍රතිදේහ භාවිත කළ රෝගීන් තිදෙනෙකුට සංකූලතා මතු වූ අතර ලැබුණු පැමිණිලි දෙකක් පාදක කරගනමින් රහස් පොලිස් විමර්ශන ඇරඹිණ.
එන්නත් සැපයුම්කරු වන සුදත් ජනක ප්‍රනාන්දු, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍ර ගුප්ත ඇතුළු සෞඛ්‍ය අංශවල ඉහළ නිලධාරින් 12ක් චූදිතයෝ වෙති.
වසරකුත් මාස 8ක කාලයක් සිදු කරන ලද විමර්ශනවල කටයුතු අවසන්ව ඇති අතර මෙම නඩුව විභාග කිරීම පිණිස අගවිනිසුරුවරිය විසින් පත් කර ඇති ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ මෙලෙස අධිචෝදනා ගොනු කර ඇත.
නඩු විභාගය සඳහා සාක්ෂිකරුවන් 350කට ආසන්න සංඛ්‍යාවක් සහ නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇති බව පැවසේ.
ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1444ක් වංචනික ලෙස ව්‍යපහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම ප්‍රධාන චෝදනාවයි.