මෙරට ප්‍රථම විභාග කොමසාරිස් ජනරාල්වරිය ලෙස ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ අද (15) එම ධුරයෙහි වැඩභාර ගෙන තිබේ.
ඒ, විභාග දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී ය.
ඇය ගාල්ල සංඝමිත්තා විදුහලේ ආදි ශිෂ්‍යාවක් වන අතර රුහුණු විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම උපාධිය ලබා, කොළඹ විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනපති උපාධියත් කැලණිය විශ්වවිද්‍යාලයෙන් වාග්විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් හිමි කරගෙන ඇත.
එමෙන්ම, කොළඹ ඩී.එස් සේනානායක විදුහලේ නියෝජ්‍ය විදුහල්පති ධූරය හා විදුහල්පති ධූරයත් හොබවා ඇත.
මෙරට එකොළොස් වන විභාග කොමසාරිස් ජනරාල් ධූරය හොබවන ඇය ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවාවේ 2005 කණ්ඩායමේ සාමාජිකාවකි.
එම සේවාවේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක් ද වන ඇය විභාග කොමසාරිස් ජනරාල් ධූරයට පත් වීමට පෙර විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍ය පාසල් විභාග ශාඛාව භාර විභාග කොමසාරිස්වරිය ලෙස මෙන් ම පාලන හා විමර්ශන ශාඛාව භාර විභාග කොමසාරිස්වරිය ලෙස ද කටයුතු කර තිබුණි.