/ Feb 13, 2026

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් දරුවනුත් – ආණ්ඩුවත් දෙකම විනාසයි : ඉඳුරාගාරේ හිමි

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම හරහා රටේ දරු පරපුරත්, වත්මන් ආණ්ඩුවත් යන දෙකම විනාශ වන බව මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරත්න හිමි පවසයි.

කොළඹ පැවති සඟ සමුළුවකට එක් වෙමින් ඊයේ (29) එහිම මෙලෙස පැවසීය.

“ජේ.ආර් ජයවර්ධන කියලා කියන්නේ අපේ කාලයේ අපි දැක්ක ආඥාදායකයා. කවුරු කොහොම කිව්වත් මේක ක්‍රියාත්මක කරනවා කරනවාමයි කියලා ජේ ආර්වත් කිව්වේ නැහැ. ජේ.ආර්. ගේ බෑණ වන රනිල් වික්‍රමසිංහ මහත්තයාවත් එහෙම කිව්වේ නැහැ. දැන් මෙම අවස්ථාවේදී කිසිම කෙනෙකුට කුමන ආකාරයක හෝ අදහස් ඉදිරිපත් කිරීමක් කරන්න අවස්ථාවක් නෑ. ඒවා දැන් ගුරු පුහුණු ආරම්භ කිරීම් කරලා තියෙනවා. පුහුණු වෙන ගුරුවරුන්ගේ අදහස්වත් සලකා බලන්නේ නැහැ. උඩින් ඇවිත් තියෙන යෝජනාව අනිවාර්යෙන්ම පිළිපැදිය යුතුයි කියලා කියන තැනකට ඇවිදිල්ලා තමයි තියෙන්නේ.”

“ඒ හින්දා තමයි අපි මේක කියන්නේ මේ දීර්ඝ සාකච්ඡාවක් අවශ්‍යයි. විෂය ප්‍රවීණයන්ගේ අදහස් අවශ්‍යයි. අත්දැකීම් බර ප්‍රජාවකගේ අදහස් අවශ්‍යයි. අනිත් එක මේ රට අද වෙනකොට මුහුණ දෙමින් සිටින්න දැවැන්තම අර්බුදය මේ අධ්‍යාපනයේ විෂය නිර්දේශය වෙනස් කිරීමද? වෙනස් කරනවා නම් වෙනස් කරන්න ඕන කරන්නේ මේ විදියටද? ඒ හින්දා ප්‍රශ්න ගොන්නක්. තේරෙන සිංහලෙන් කිව්වොත් අතීසාරයට අමඩේ ගහනවා වගේ. රවුම් මූඩියක් ගහන්න හදන්නේ හතරැස් බෝතලයකට. මේක හරියට ක්‍රියාත්මක වෙන්න ගියොත් අනාගත දරුවා විනාශ වෙනවා. දෙක මේ ආණ්ඩුව විනාශ වෙනවා. අගමැතිතුමිය කරන්න හදන්නේ. ආන් ඒක.”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top