/ Feb 05, 2025

සරසවියක අමානුෂික නවක වධයක්: සිසුන් රෝහලේ!

About the rag at the University of Jayewardenepura

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නවක සිසුන් මේ දිනවල දරුණු අමානුෂික නවක වධයකට මුහුණ දෙමින් සිටින බව පැවසේ.

මෙම වදයට පිළියමක් ලෙස කළමනාකාර පීඨය විසින් නවක සිසුන් වෙත නේවාසිකාගාරයක් ලබා දුන්නද ජ්‍යෙෂ්ඨ සිසුන් නවකයන්ට මීට ඇතුළුවීමට ඉඩ නොදී වෙනත් නේවාසිකාගාරයක රඳවාගෙන ඇතැයි වාර්තා වේ.

ශාස්ත්‍ර පීඨයේ පළමු වසර සිසුන්ගේ නේවාසිකාගාරය වසා සිය නේවාසිකාගාරයට නවක සිසුන් අනුයුක්ත කරන ලෙස ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් උපකුලපතිවරයා වෙත බලපෑම් කරන බවද සඳහන් වේ.

නවක වධ සිද්ධියකට අදාළ ගැටුමක් හේතුවෙන් නවක සිසුවෙකුට පහරදී ඇති අතර මේ වන විට ඔහුගේ ඇසකට දරුණු ලෙස හානි වී කළුබෝවිල රෝහලෙන් ප්‍රතිකාර ලබා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top