ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැසුම සකස් කිරීම පිණිස පසුගිය වසරේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම දීපව්‍යාප්ත සමීක්ෂණයක කර ඇති අතර එහිදී මහජනතාව අල්ලස හෝ දූෂණයට වඩාත් නැඹුරු ආයතන කිහිපයක් හඳුනාගෙන ඇතැයි එම කොමිසමේ සභාපතිවරයා පවසයි.
එයින් පෙරමුණේම සිටින්නේ ශ්‍රී ලංකා පොලිසිය බව සභාපතිවරයා කියා සිටී. දෙවැනි ස්ථානය දේශපාලනඥයන් බවද, තුන්වැනි තැන රේගුවටද, සිව්වැනි තැන ආගමන විගමන දෙපාර්තමේන්තුවටද හිමිව ඇත. අමාත්‍යංශ, ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය, පළාත් සබා, විදේශ රැකියා කාර්යාංශය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පිළිවෙලින් ස්ථාන හිමිකරගෙන තිබේ.