/ Jul 12, 2025

සජබෙ මණ්ඩලේ කචල් ඇරඹේ: නායකත්වය වෙනස් කරන්න යෝජනා!

මැතිවරණ හයක් එක දිගට පරාජයට පත්ව ඇති නිසා ආසන සංවිධායකයන් මාරු කිරීමට පෙර පක්ෂය ආරම්භයේ සිට මේ දක්වා ඉහළ තනතුරුවල කටයුතු කරන නිලධාරීන් සහ නායකයන් වෙනස් කරන ලෙස සමගි ජනබලවේගය පක්ෂයේ ප්‍රමුඛ නායකයන් දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එහි නායක සජිත් ප්‍රේමදාස පෞද්ගලිකව හමුවී ඉල්ලා ඇතැයි වාර්තා වේ.

මෙම තත්වය වෙනස් කර ජනතාවට ආකර්ෂණීය නායකයන් පත් කරන ලෙස ඔවුන් ඉල්ලා ඇතැයි පැවසේ. එම පක්ෂය එක දිගට ජනපතිවරණ දෙකක්, මහ මැතිවරණ තුනක් සහ පළාත් පාලන මැතිවරණයක් මේ වන විට පරාජයක් පත්ව ඇත. කෙසේ වෙතත් මේ පරාජයන්ට ආසන සංවිධායකයන් වෙත ම දොස් පැවරීම අසාධාරණ බවයි එම පිරිස පෙන්වා දී ඇත්තේ.

පරාජයට පත් වීමට වගකිව යුතු බව පවසමින් ආසන සංවිධායකයන් පිරිසක් ඉවත් කිරීමේ සූදානමක් තිබී ඇති අතර මේ ගැන එම පක්ෂයේ වියවුලක් මතුව තිබේ.

ජනපතිවරණයේදී එජාපය ඇතුළු සෙසු පක්ෂ සමග පුළුල් සන්ධානයක් ඇති කරගත්තේ නම් ජයග්‍රහණ ලබා ගත හැකිව තිබුණු බවද එම පිරිස ප්‍රකාශ කර ඇතැයි සඳහන්.

ආර්ථික අර්බුද මොහොතේ පක්ෂයේ ආර්ථික ප්‍රවීණයන්ගේ ඉල්ලීම නිසා රට භාර නොගැනීම වරදක් බවත් එසේ රට භාර ගෙන වැඩකොටසක් සිදු කර තිබුණේ නම් පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට තිබු බවත් මෙම පිරිස වැඩිදුරටත් පවසා ඇතැයි කියැවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top