සෑම වසරකම ජූලි 20 වන දින (අද දින) ලොව පුරා ජාත්‍යන්තර චන්ද්‍ර දිනය ලෙස සමරනු ලබන්නේ, මානව ඉතිහාසයේ ඉතාමත් වැදගත් සහ ආශ්චර්යමත් සිදුවීමක් සිහිපත් කරමින්. 1969 ජූලි 20 වන දින, ඇමරිකානු ගගනගාමී නීල් ආම්ස්ට්‍රෝං සහ බස් ඕල්ඩ්‍රින්, ඇපලෝ 11 (Apollo 11) මෙහෙයුම යටතේ ප්‍රථම වරට සඳ මත පා තැබූ අතර, එය මිනිස් වර්ගයාගේ අභ්‍යවකාශ ගවේෂණයේ දැවැන්තම පිම්ම සනිටුහන් කළේ ය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2021 දී නිල වශයෙන් ජාත්‍යන්තර චන්ද්‍ර දිනය ලෙස ප්‍රකාශයට පත් කරන ලද්දේ, මෙම ඓතිහාසික ජයග්‍රහණයේ වැදගත්කම ලොවට සිහිපත් කිරීමටයි. මෙය හුදෙක් අභ්‍යවකාශ ගවේෂණයේ ජයග්‍රහණයක් පමණක් නොව, මානව බුද්ධියේ, ධෛර්යයේ සහ නොපසුබට උත්සාහයේ සංකේතයක් ලෙසද සැලකේ..
චන්ද්‍ර දිනය සමරනු ලබන්නේ, මිනිසා සඳට යැවීමේ විද්‍යාත්මක හා තාක්ෂණික ජයග්‍රහණ ඇගයීමට ලක් කිරීමට පමණක් නොව, අනාගත පරම්පරාවට අභ්‍යවකාශ විද්‍යාව සහ ගවේෂණය පිළිබඳව උනන්දු කිරීමටත්, අභ්‍යවකාශය සාමකාමීව භාවිතා කිරීමේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමටත් යි. අදටත්, චන්ද්‍රයා යනු පෘථිවියට ආසන්නතම ස්වභාවික චන්ද්‍රිකාව වන අතර, අනාගත අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා සහ මනුෂ්‍යත්වය විශ්වය පිළිබඳව ඉගෙන ගැනීමට අතිශයින් වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා.
ජාත්‍යන්ත චන්ද්‍ර දිනය, අපගේ පෘථිවියෙන් ඔබ්බට ඇති අබිරහස් ගවේෂණය කිරීමට සහ අනාගතය සඳහා නව මාර්ග විවෘත කිරීමට මානව වර්ගයාට ඇති අසීමිත හැකියාවන් පිළිබඳව ලොවට සිහිපත් කරන්නකි.