/ Jun 26, 2025

දිවුරුම් දී බොරු සාක්ෂි එපා, දේශබන්දු විමර්ශන කමිටුවෙන් සාක්ෂිකරුවන්ට ගෝරනාඩු!

Will Deshabandu be granted bail?

සාක්ෂි දීමට පැමිණ දිවුරුම් දී බොරු සාක්ෂි ලබා නොදෙන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි චෝදනා විමර්ශන කරන ත්‍රිපුද්ගල කමිටුවේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විනිසුරුවරයා සාක්ෂිකරුවන් තිදෙනෙකුට දැඩි ලෙස අවවාද කළේ ය.

ඊයේ (25) දින කමිටුව රැස්වූ අවස්ථාවේ දී ය. සාක්ෂි දීමට පැමිණි කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු වැඩබලන අධ්‍යක්ෂ නෙවිල් සිල්වා, කොළඹ දිසාව භාර හිටපු නි. පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මානව සම්පත් කළමනාකරු තනේෂ් ඩයස් යන අයට සභාපතිවරයා මෙලෙස අවවාද කළේ ය.

සභාපතිවරයා : ඔබ මෙතනට ආවේ වැරදි සාක්ෂි දෙන්නද? කියපු දේවල් ආපහු ඉල්ලා අස් කර ගන්නවා නම් මොකටද මෙතනට ආවේ? මම දන්නවා ඔබට වඩා මේ සිද්ධිය. අකුරක් නෑර කියවලයි මෙතනට ආවෙ. බොරුවක් කිව්වොත් ඒක අල්ලනවාමයි. ඒකටයි අපි මෙතන ඉන්නේ.

නෙවිල් ද සිල්වා : කිව්ව ඇතැම් දේවල් ඉල්ලා අස් කරගන්නවා.

සභාපතිවරයා: ජංගම පොලිස් රථයකින් ඇවිත් හේතුවක් නැතිව වෙඩි තියනවද?

නෙවිල්ද සිල්වා : හේතුවක් නැතිව වෙඩි තියන්නේ නෑ ස්වාමීනී.

සභාපති විනිසුරු: ඔබ සාක්ෂි දෙද්දි එක ස්ථාවරයක් ගන්නේ නෑ. මැරිච්ච මිනිහට හැම දෙයක්ම දාන්න එපා. ඒක ඔහුට කරන අසාධාරණයක්.

සභාපතිවරයා: පලායන කෙනෙකුට වෙඩි තියනවා නම් හෝටලයේ උඩ කාමරයකට වෙඩි වදින්න පුළුවන් ද?

සාක්ෂිකරු: රාත්‍රී කාලය නිසා එහෙම වෙන්න ඇති

සභාපතිවරයා: පලා යන මිනිහා පියඹලාද ගියේ උඩට වෙඩි තියන්න?

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top