/ Oct 18, 2025

මහින්දගේ මස්සිනා නිශාන්තට එරෙහි විමර්ශන අවසන් : චෝදනා මෙන්න!

දූෂණය නමැති වරද සිදු කිරීමට යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඇන්තනී නිශාන්ත වික්‍රමසිංහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපතිවරයාට පවරා ඇති නඩුවේ විමර්ශන අවසන් බව වාර්ත වේ.

ගුවන් යානයක ගමනාන්ත වෙනස් කර රජයට පාඩු සිදු කිරීම, ප්‍රංශය බලා පිටත්ව යෑමට සිටි මගීන් 75 දෙනෙකු වෙනත් ගුවන් යානයකින් පිටත් කර රජයට පාඩු සිදු කිරීම ඇතුළු චෝදනා තුනක් ඔහුට විරුද්ධව නගා පසුගිය දා ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.

කෙසේ වෙතත්, හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ මස්සිනා වන ඔහුට එරෙහිව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති ධුරය දරණ සමයේ කළ බවට කියන වංචා සහ දූෂණ සම්බන්ධයෙන් විශාල ආන්දෝලනයක් පසුගිය කාලයේ ඇති විය.

ඔහුට විරුද්ධව බොහෝ චෝදනා නැගුණු අතර ඉන් කිහිපයක් මෙසේ ය.

නඩු කටයුත්තට අදාළ චෝදනා

  • 2014.01.22 වන දින මැලේසියාවේ ක්වාලාලම්පුර් සිට කටුනායක දක්වා පියාසර කිරීමට නියමිත තිබූ අංක UL 319 දරන ගුවන් යානයේ ගමනාන්තය වෙනස් කිරීම මගින් රජයට ඇ.ඩො. 4,512ක් පාඩු කිරීම,
  • 2014.01.26 වන දින මාලදිවයිනේ සිට ලංකාවට පැමිණ ප්‍රංශය බලා පිටව යාමට සිටි මගීන් 75 දෙනෙකු අංක UL 563 දරන ගුවන් යානයෙන් පිටත් කර හැරීම මගින් ඇ.ඩො. 19,160ක් රජයට පාඩු කිරීම,
  • 2014.12.19 වන දින කටුනායක 18 කණුව ක්‍රීඩාංගණයේ පැවති හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් රජයේ මුදල් රුපියල් 1,250,000ක් වියදම් කිරීම,

ඔහු ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ප්‍රධානියා ලෙස කටයුතු කළ සමයේ සිදුවූ දුෂණ අක්‍රමිකතා පිළිබඳව යහපාලන රජය විසින් ශ්‍රීලන්කන් ගුවන් සේවයේ දූෂණ හා අක්‍රමිකතා සොයා බැලීමට පත් කළ සිව් පුද්ගල කමිටු වාර්තාව මගින් අනාවරණය කළ කරුණු මෙසේ ය.

  • ශ්‍රීලන්කන් ආයතන ප්‍රධානී වික්‍රමසිංහ සහ ඔහුගේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන විසින් කූඨ ලේඛන සකසා සුඛෝපභෝගී මෝටර් රථයක් මිලට ගැනීම. (ඔහු වෙත ලබා දී තිබුණු සුඛෝපභෝගී බෙන්ස් රථයට සහ සුඛෝපභෝගී ප්‍රාඩෝ රථයට අමතරව)
  • “ශ්‍රීලන්කන් එයාර්ලයින් බ්‍රෑන්ඩ් ඇම්බැසඩර්” නමින් නව තනතුරක් නිර්මාණය කර නිශාන්ත වික්‍රමසිංහගේ හිතවත් ගුවන් සේවිකාවන්ට ලබා දී තිබීම.
  • 2014 ජනවාරි මාසයේදී සිංගප්පූරුවේ සිටි ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ, ඔහුගේ බිරිඳ සහ එවකට මුදල් නියෝජ්‍ය අමාත්‍ය සරත් අමුණුගම පැය එක හමාරක ගමන් කාලයක් ඉතිරි කර ගැනීම සඳහා හරවා යවන ලද ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට ආපසු පැමිණීම.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top