හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිව සිටි සමයේ දී සිදුකරන ලද විදෙස් සංචාරයන් පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඒ බව අද (24) දැනුම් දී ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහි දී අධිකරණය හමුවේ කරුණු වාර්තා කරමින් පැවසුවේ පොදු දේපල පනත යටතේ අදාළ විමර්ශනය සිදුකරන බවය.