උතුරු ඉරානයේ රික්ටර් මාපක 5.1 භූමිකම්පාවක් සිදුව ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
සෙම්නාන් පළාතට කිලෝමීටර් 37ක් (සැතපුම් 23) නිරිත දෙසින්, කිලෝමීටර් 10ක් (සැතපුම් 6) ගැඹුරේ මෙය සිදුව ඇති බවයි එම ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ.
සෙම්නාන් පළාතේ සෝර්කේ නගරය අවට සෙලවී ඇති බවත් සෝර්කේ සිට කිලෝමීටර් 150ක් පමණ දුරින් පිහිටි ටෙහෙරාන් අගනුවරට ද මෙම කම්පනය දැනුණු බවත් විදෙස් මාධ්‍ය වාර්තාවන්හි සඳහන්.