ඊශ්‍රායෙලය විසින් ඉරානයට එල්ල කළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට එකට එක කිරීමක් ලෙස ඉරානය විසින් බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
ඒවා ඊශ්‍රායෙලයේ හමුදා කඳවුරු සහ ගුවන්තොටුපොළ ඉලක්ක කර එල්ල කර ඇත.
ජෙරුසලමේද පිපිරීම් කිහිපයක් සිදුව ඇති බවත්, ටෙල්අවීව් කලු දුමාරයෙන් වැසී ගොස් තිබු බවත් දැක්වේ. මෙම ප්‍රහාරවලින් ඊශ්‍රායෙල් වැසියන් ගණනාවකට තුවාල සිදුව ඇති බවත් සමහරෙකුගේ තත්වය බරපතළ බවත් පැවසේ.
ඉරානයේ උත්තරීතර නායකයා ලෙස සැලැකෙන අයතුල්ලා අල් කමෙයින් පවසා සිටියේ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලට තමන් නිසැක පලිගැනීමක් සිදු කරන බවයි.
ඉරානයට එල්ල වූ ප්‍රහාරවලින් ඉරාන හමුදා ප්‍රධානීන් ඇතුළු කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.