යුද්ධයක් මැද්දේ ද ඉරානය තෙල් අපනයන කරන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.
ඉරානයට එරෙහි ඇමරිකා – ඊශ්‍රායල් යුද්ධය ආරම්භ වූ පෙබරවාරි මස 28වන දින සිට ඉරානය තවමත් බොරතෙල් බැරල් මිලියන 16 කට වඩා අපනයනය කර ලාභ ලබා ඇති බව වෙළඳ දත්ත සහ විශ්ලේෂණ සමාගමක් වන Kpler ඇස්තමේන්තු කර ඇති බවයි දැක්වෙන්නේ.
බටහිර සම්බාධක හේතුවෙන් චීනය ඉරාන තෙල්වල විශාලතම ගැනුම්කරු වී ඇති අතර ඉරානයේ තෙල් අපනයනට අඛණ්ඩ ඔරොත්තු දීමේ හැකියාවක් ඇති බව Kpler වෙළඳ අවදානම් විශ්ලේෂක ඇනා සුබාසික් පෙන්වා දී තිබේ.
යුද්ධය ආරම්භයේ සිටම ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය(IRGC) විසින් හොමුස් සමුද්‍ර සන්ධියේ සම්පුර්ණ පාලනය සියතට ගත් හෙයින් එම මුහුදු මාර්ගය ගමනගමනයෙන් තාවකාලිකව ඈත්ව තිබේ.
එම තත්ත්වය තෙල් හා ගෑස් ප්‍රවාහනයට දැඩි ලෙස බලපෑම් කර තිබෙන අතර අර්බුදය හේතුවෙන් බොරතෙල් මිල බැරලයකට ඩොලර් 100 ට වඩා ඉහළ ගිය විට, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මිත්‍ර පාක්ෂිකයින්ට සහ වෙළඳ හවුල්කරුවන්ට යුද නැව් යවා සමුද්‍ර සන්ධිය නැවත විවෘත කරන ලෙස බලපෑම් කළේය.
කෙසේ නමුත් Neto රටවල් මෙය ඔවුන්ගේ යුද්ධයක් නොවන බව ප්‍රකාශ කරමින් ජනාධිපති ට්‍රම්ප්ගේ අදහස ප්‍රතික්ෂේප කර තිබේ.
මාර්තු 1 සහ 15 අතර කාලය තුළ අවම වශයෙන් නැව් 89 ක් හෝමූස් සමුද්‍ර සන්ධිය තරණය කර තිබු අතර ඒවා වැඩි ප්‍රමාණයක් ඉරානයට අනුබද්ධ ඒවා යැයි විශ්වාසකෙරේ. චීනය, ඉන්දියාව, පකිස්තානය, සහ ග්‍රීසිය ඇතුළු ඉරානය සමඟ සබඳතා ඇති රජයන්ට අදාළ නැව් බව සඳහන්.
මේ අතර චීන යුආන් වලින් ගෙවීම් කර ඇති නැව් වෙතද හෝමුස් හරහා ගමන් කිරීමේ අවස්ථාවද ලබා දී ඇත.





