ඉරාන නව උත්තරීතර නායක මොජ්ටාබා කමේනි සිය පත් කිරීමෙන් අනතුරුව පළමුවරට නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තකරන පරිදි පටිගත කළ විශේෂ දේශනයක් හරහා සිදුකළ මෙම ප්‍රකාශයේ සඳහන් කර ඇත්තේ, රට තුළ ජාතික එකමුතුව සහ ඒකීයතාවය අවශ්‍ය බවට අවධාරණය කර ඇති බවයි.
ඔහු තවදුරටත් අවධාරණය කරන්නේ මැදපෙරදිග කලාපයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු සියල්ල වහාම වසා දමන ලෙසයි. එසේ නොකළහොත් එම කඳවුරු ඉලක්ක කර තවදුරටත් ප්‍රහාර එල්ල කිරීමට සිදුවන බවටද අනතුරු අඟවා ඇත.
කෙසේවෙතත්, ඉරානය අසල්වැසි රටවල් සමඟ මිත්‍රත්වය සහ සහයෝගීතාවයට කැපවී සිටින බවත්, ප්‍රහාර ඉලක්ක කරන්නේ අමෙරිකානු හමුදා කඳවුරු පමණක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
එමෙන්ම, ඉරානයට එරෙහි පාර්ශවයන්ට පීඩනයක් එල්ල කිරීමේ අරමුණින් හෝමූස් සමුද්‍ර සන්ධිය තවදුරටත් වසා තබන බවද නව උත්තරීතර නායකයා සිය ප්‍රකාශය තුළ දක්වා ඇත
මෙම වසා තැබීම හේතුවෙන් ලෝක බලශක්ති වෙළඳපොළ දැඩි අර්බුදයකට පත්ව ඇති අතර, ලෝක වෙළඳපොළේ තෙල් මිල අතිශය අස්ථාවර ලෙස උච්චාවචනය වෙමින් පවතී.
තනිව සටන් කරනවා වෙනුවට, කලාපීය මිත්‍ර කණ්ඩායම් හරහා යුද්ධය මෙහෙයවීමේ ක්‍රමවේදය නව නායකයා ද දැඩි ලෙස අනුමත කරයි. ඔහු “ප්‍රතිරෝධයේ අක්ෂය” කෙරෙහි තැබූ විශ්වාසය කැපී පෙනේ.
යේමනය: යේමනයේ ප්‍රතිරෝධී බලවේග (හූතිවරුන් වැනි) තම කාර්යය නිසි ලෙස ඉටු කරනු ඇති බවට ඔහු සහතික විය.
ඉරාකය: ඉරාකයේ සන්නද්ධ කණ්ඩායම් ඉස්ලාමීය විප්ලවය ආරක්ෂා කර ගැනීම සඳහා පෙරමුණ ගන්නා බව ඔහු සඳහන් කළේය.




