/ Mar 27, 2026

ඇමරිකාව ඉරානයට එරෙහි ගොඩබිම ප්‍රහාරයකට සැරසෙයි?

ඉරාන බලශක්ති මධ්‍යස්ථාන වෙත එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාර අප්‍රේල් 6 දක්වා තවත් දින 10කින් දීර්ඝ කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

ඒ අනුව හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම ගැන ඉරානයට පැහැදිලි තීරණයක් ගැනීමට හැකි බවයි ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ.

දෙපාර්ශවය අතර සාකච්ජා අඛණ්ඩව පවත්වන බැවින් උක්ත තීරණයට එළඹි බවද ඔහු සඳහන් කරයි.

මේ වන විට පැවැත්වෙන සාකච්ඡා සඳහා යහපත් ප්‍රතිචාරයක් දැක්වීමක් වශයෙන් ඉරානය විසින් තෙල් නැව් 10 කට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට අවසර ලබා දී ඇති බවද ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියාසිටියි.

පැය 48ක් ඇතුළත හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත් ඉරානයේ බලාගාරවලට ප්‍රහාර එල්ලකරන බවට ජනපති ට්‍රම්ප් පසුගිය සෙනසුරාදා ඉරානයට අනතුරු අඟවා තිබුණි

අනතුරුව එය දින 5ක් දක්වා දීර්ඝ වූ අතර දැන් එය දින 10ක් දක්වා දීර්ඝ වී තිබේ. ජනාධිපති ට්‍රම්ප් මෙලෙස කල් මරන්නේ ඉරානයට ගොඩබිම් ප්‍රහාරයක් එල්ල කිරීමට යැයිද දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහස වී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top