එළැඹෙන අලුත් අවුරුද්දට පසුව එන 15 වැනි දින රජයේ නිවාඩු දිනයක් බවට සඳහන් කරමින් සමාජ ජාල හරහා ප්‍රචාරය කෙරෙන ප්‍රවෘත්තිය, අසත්‍යයක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
රජය විසින් මෙතෙක් එවැනි කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නැති බවත්, එය තම ලිපි ශීර්ෂ ව්‍යාජව යොදාගනිමින් සකස් කළ එකක් බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කර සිටී.